හෘදයාබාධ

-හෘදයාබාධ

සාමාන්‍යයෙන් රුධිරය කැටයක් මඟින් හදවතට රුධිරය සැපයීම හදිසියේ අවහිර වීම හර්දයාබාධයක් යනුවෙන් හැඳින්වේ. මෙය බරපතල වෛද්‍ය හදිසි තත්වයකි. හර්දයාබාධයක් යනු හදිසි වෛද්‍ය තත්වයකි. හදවතට රුධිරය නොමැති කමින් බරපතල ලෙස හර්ද පේශි වලට හානි පැමිණිය හැකි අතර මෙය ජීවිතයට ද තර්ජනයක් විය හැක.

හෘදයාබාධයක ලක්ෂණ

හර්දයාබාධයක ලක්ෂණ වලට පහත දේ ඇතුලත් වේ:

  • පපුවේ වේදනාව - පපුව තද දෙයකින් හිරකරන හෝ මිරිකන ලෙස දැනීම සහ මෙම වේදනාව පපුවේ සිට, හක්ක, බෙල්ල, අත් සහ පිටට පැතිර යාම
  • හුස්ම ගැනීම අපහසු වීම
  • දුර්වල බව දැනීම හෝ /සහ හිසේ සැහැල්ලු බව
  • ඉතා ප්‍රබල හැගීම හෝ සාංකාව

සෑම කෙනෙකුටම දරුණු පපුවේ වේදනාවක් නොදැනෙන බව අවධාරණය කිරීම වැදගත්ය; වේදනාව බොහෝවිට මෘදු වන අතර, අජීර්ණයක් ලෙස වරදවා තේරුම් ගත හැක. පුද්ගලයෙකු හෘදයාබාධයකින් පෙළෙනවාද නැද්ද යන්න තීරණය කිරීම වැදගත් වේ. එය පපුවේ වේදනාවේ බරපතලකම නොවේ.

හෘදයාබාධවලට ප්‍රතිකාර කිරීම

හර්දයාබාධයක් ඇති පුද්ගලයාට ඇස්පිරින් නමැති ඖෂධය අසාත්මික නොවේනම්, ගිලන් රථයක් පැමිණෙන තුරු බලාගෙන සිටියදී ඇස්පිරින් (Aspirin) නමැති ඖෂධයෙන් පෙත්තක් (සාමාන්‍යයෙන් 300mg) සපා ගිලින්න. එය ඔබට උපකාරී වනු ඇත. ඇස්පිරින් රුධිරය හීන කිරීම හා හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම අඩු කරයි. රෝහලේදී, හෘදයාබාධයක් සඳහා ප්‍රතිකාර කිරීම එය කොතරම් බරපතලද යන්න මත තීරණය වේ. ප්‍රධාන ප්‍රතිකාර දෙවර්ගය වන්නේ,:

  • රුධිර කැටි දියකිරීම සඳහා ඖෂධ භාවිතා කිරීම
  • හදවතට රුධිරය නැවත ලබා දීම සඳහා ශල්‍යකර්ම කිරීම

හර්දයාබාධ වලට හේතු

කිරීටක හෘද රෝග (CHD) හෘදයාබාධවලට ප්‍රධානතම හේතුව වේ. CHD යනු ප්ලැක්ස් නමින් හැඳින්වෙන කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා හර්දයට රුධිරය සපයන ප්‍රධාන රුධිර නාල අවහිර වීමේ තත්වයකි. හර්දයාබාධයකට පෙරාතුව මෙම ප්ලැක්ස් වලින් එකක් පිපිරීම හේතුවෙන් එම පිපිරීම ඇතිවූ ස්ථානයේ රුධිර කැටි ඇතිවීමක් සිදුවේ. මෙම රුධිර කැටිය මගින් හදවතට රුධිරය සැපයීම අවහිර විය හැකි අතර එය හර්දයාබාධයකට මුල පුරයි.

හර්දයාබාධයකින් පසු යථා තත්වයට පත් වීම

හෘදයාබාධයකින් යථා තත්ත්වයට පත්වීම සඳහා ගතවන කාලය හෘද මාංශ පේශී වලට ඇතිවන හානිය මත රඳා පවතී. සති දෙකකට පසුව රාජකාරියට යාමට තරම් සමහර අය හොඳ තත්වයේ පසුවේ. අනෙක් අය යථාතත්වයට පත්වීම සඳහා මාස කීපයක් ගත විය හැකිය. යථා තත්වයට පත්වීමේ අරමුණු:

  • තවත් හර්දයාබාධයක් ඇතිවීමේ ඇති වීමේ අවදානම අඩු කිරීම - සෞඛ්‍ය සම්පන්න අහාර වේලක් ලබා ගැනීම සහ ජීවන රටාව වෙනස් කර ගැනීම මගින් සහ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට උපකාරී වන ස්ටැටින් (Statin) වැනි ඖෂධ ලබා ගැනීම මඟින්
  • ක්‍රමානුකුලව ඔබගේ ශාරීරික යෝග්‍යතාවය ප්‍රතිස්ථාපනය කිරීම - එම නිසා ඔබට සාමාන්‍ය ක්‍රියාකාරකම් නැවත ආරම්භ කල හැකිය

හර්දයාබාධයකින් පසුව බොහෝ දෙනෙකුට නැවත රාජකාරියට යාමට හැකි වන නමුත් එය කෙතරම් ඉක්මනින්ද යන්න තීරණය කරනු ලබන්නේ ඔබගේ හදවතේ තත්වය සහ ඔබගේ රාජකාරියේ ස්වභාවය මතය.

හෘදයාබාධයක සංකූලතා

හෘදයාබාධයක සංකූලතා බරපතල හා ජීවිතයට තර්ජනයක් විය හැකිය. මේවාට ඇතුළත් වන්නේ:

  • අරිත්මියා (Arrhythmia)- මෙය අසාමාන්‍ය හර්ද ස්පන්දනයකි. හර්දය ඉතාමත් වේගයෙන් සහ වේගයෙන් ස්පන්දනය වී ස්පන්දනය වීම නතර වේ
  • කාර්ඩියෝජෙනික් ෂොක් (Cardiogenick shock)- හර්දයේ පේශීන් දැඩිලෙස හානි වීමෙන් ශරීරයේ විවිධ ක්‍රියාකාරිත්වයන් පවත්වාගෙන යාම සඳහා රුධිරය පොම්ප කිරීම තව දුරටත් හරියාකාරව සිදුකිරීමට නොහැකිවීම
  • හර්දය පිපිරිම - හර්දයේ පේශි, බිත්ති හෝ කපාට බෙදී වෙන්වීම (කැඩීයාම)

හෘදයාබාධයකින් පසුව මෙම සංකූලතා ඉක්මණින් සිදු විය හැකි අතර මරණයට ප්‍රධාන හේතුවක් වේ. හර්දයාබාධයක් නිසා ඇතිවන සංකුලතා නිසා, රෝහලට ළඟාවීමට ප්‍රථම හෝ හර්දයාබාධයකින් පසුව පලවෙනි මාසය තුලදී බොහෝ දෙනෙක් හදිසියේ මිය යා හැක. ඉදිරි දැක්ම බොහෝ විට පහත දේවල් මත රඳා පවතී:

  • වයස - ඔබගේ වයස වැඩි නම් බරපතල සංකුලතා ඇතිවීමට ඉඩකඩ වැඩිවේ
  • හෘදයාබාධයේ බරපතලකම - හර්දයාබාධයෙන් කොපමණ ප්‍රමාණයක් හර්ද පේශි වලට හානි වී තිබේද යන්න
  • පුද්ගලයෙකුට ප්‍රතිකාර ලැබීමට පෙර කොපමණ වේලාවක් ගත්තේද යන්න -හර්ද රෝගයක් සඳහා හැකි ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කල යුතුය

හර්දයාබාධයක් වලක්වා ගැනීම

හදිසි හෘදයාබාධයක් ඇතිවීමේ (හෝ වෙනත් හෘදයාබාධයක් ඇතිවීමේ) අවදානම අවම කිරීම සඳහා ඔබට ගත හැකි ප්‍රධාන පියවර පහක් ඇත:

  • ඔබ දුම් පානය කරනවා නම් එය නවත්වන්න
  • ඔබගේ බර වැඩි හෝ තරබාරු නම් බර අඩු කර ගන්න
  • නිතිපතා ව්‍යායාම් කරන්න.- ඔබගේ රැකවරණය භාරව සිටින වෛද්‍යවරයා ඔබට උපදෙස් ලබා දී නොමැතිනම්, වැඩිහිටියන් අවම වශයෙන් සෑම සතියකටම විනාඩි 150 (පැය 2 විනාඩි 30) මද්‍යස්ථ තීව්රතාවයකින් ස්වායු ක්‍රියාකාරකම් කල යුතුය
  • නැවුම් පලතුරු සහ එළවලු සමග අඩු මේදය, අධික කෙඳි සහිත ආහාර වේලක් ලබා ගන්න. (අවම වශයෙන් දිනකට කොටස් පහක්)
  • ඔබගේ මත්පැන් පානය මද්‍යස්ථ කරන්න